Tech

Octobot සාගර ගවේෂණයට සූදානමින්

‘Octobot’ කියන්නේ බූවල්ලට කියලා අපි කවුරුත් දන්නවා. ඒත් මේ කියන්න යන්නේ ඒ විදියට හදපු රොබෝ කෙනෙක් ගැනයි. රොබෝ තාක්‍ෂණය දවසින් දවස ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා වගේම තමයි ඒ ඇතුළේ සිද්ධ වෙන වැඩකිඩවලත් ඉවරයක් නැහැ.

මේ කියන ‘Octobot’ට බාහු 8ක් තියෙනවා. හරියටම කිව්වොත් මෙයාගේ හැඩරුව බූවල්ලෙක් වගේමයි. මෙයා තමයි ලොව ප්‍රථම මෘදු දේහයක් හා ස්වාධීන ක්‍රියාකාරිත්වයකින් (Autonomous) යුක්ත රොබෝ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි ත්‍රිමාණ සැකිල්ලක් හා සිලිකොන් ජෙලය (Silicone Gel) මෙයාව නිපදවන්න භාවිත කරලා තියෙනවා. (ඉඪතඪජධදඥ ට්ඥත) තියෙන හින්දා මෙයට හොඳ ප්‍රත්‍යස්ථතාවක් තියෙනවා. ඒ කියන්නෙ හරියටම ඒක රබර් එකක් වගේ.

අනෙක් සාමාන්‍ය මෘදු දේහ දරන රොබෝල ගත්තම ඔවුන් බලගන්වන්න බැටරි, වයර්, පරිපථ පුවරු (Circuit Boards) තිබ්බට ‘Octobot’ තුළ නම් ඔය කියන කිසිම දෙයක් නැහැ. මෙය ඇත්තටම ක්‍රියාත්මක වෙන්නෙ සංකීර්ණ රසායනික ක්‍රියාවලියක් මඟින්. ද්‍රව හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, ප්ලැටිනම් උත්ප්‍රේරකයක් සමඟ ක්‍රියා කළාම මෙම රොබෝ තුළ අභ්‍යන්තරයේ වායුවක් ජනනය වෙනවා.

ඒ වායුවෙන් තමයි රොබෝගේ බාහු පුම්බල වගේ තියාගන්නේ. එමෙන්ම මේ රසායනික ප්‍රතික්‍රියාව මඟින් රොබෝට තම බාහු චලනය කිරීමේ හැකියාවකුත් ලැබිලා තියෙනවා. මෙම චලනය ආරම්භ වෙන්නේ බාහු 4ක් ඉහළට එසවීමෙන් සහ අනෙක් බාහු 4 පහළට ගමන් කිරීම මඟින් හා පපුව ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියාවලිය සිදුවීමෙන් බව වාර්තා වෙනවා.තම ඉන්ධන අවසන් වෙන තෙක් ඒ කියන්නේ විනාඩි 4ක් 8ක් පමණ කාලයක් රොබෝ තම චලනය පෙර කී විදියට පෙන්වනවා. ඉතින් මෙහෙම චලනය වෙද්දී පුපුරා යෑම වැළැක්වීමට මෙය තමන්ගේ දේහය තුළ තිබෙන විවර මඟින් අතිරික්ත වායු නිදහස් කරනවා. අතිරික්ත වායු ලෙසට පෙන්වා දුන්නේ කලින් කිව්ව රසායනික ප්‍රතික්‍රියාවෙන් හැදෙන වායුවේ වැඩ ටික.

මේ රොබෝ නිපදවීමේ මූලික අරමුණ ලෙස පරීක්‍ෂකයන් පෙන්වා දන්නේ ‘Octobot’ අනාගතයේද සාගර ගවේෂණවලට වගේම දේශගුණික වෙනස්වීම් අධ්‍යයනය කිරීම සඳහායි.

උපුටා ගැනීම : www.mawbima.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top