Local

STF 4,000ක් වැඩට බසී – ත්‍රිවිධ හමුදාවේ 6,000ක් සීරුවෙන්!

10 වැනිදාට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය නිදහස් සහ සාමකාමීව පැවැත්වීම සඳහා තෝරා ගත් ස්ථාන සඳහා ත්‍රිවිධ හමුදා භට පිරිස් 855ක් යෙදවීමටත් අමතර භට පිරිස් 6000කගෙන් යුක්ත බළඇණියක් සීරුවෙන් තැබීමටත් ආරක්ෂක සේනා මූලස්ථානය තීරණය කර තිබේ.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව මෙම භට පිරිස් සූදානම් කර ඇත.

පළාත් පාලන මැතිවරණයේදී තෝරා ගත් ස්ථාන 155ක් සඳහා නිලධාරීන් 33කින් සහ සෙසු නිලයන් 822කින් යුත් ත්‍රිවිධ හමුදා කණ්ඩායමක් මේ අනුව යොදවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා ‘මව්බිම’ කළ විමසුමකදී පැවැසීය.

යුද හමුදා නිලධාරීන් 26 දෙනකු සහ සෙසු නිලයන් 704 දෙනකු, නාවික හමුදා නිලධාරීන් 4 දෙනකු සහ සෙසු නිලයන් 70 දෙනකු, ගුවන් හමුදා නිලධාරීන් 3 දෙනකු සහ සෙසු නිලයන් 48 දෙනකු මෙලෙස යොදවන බවද බි්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.

ආරක්ෂක සේනා මූලස්ථානයේ අණදීම යටතේ ත්‍රිවිධ හමුදා කණ්ඩායම යොදවන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේය.

මීට අමතරව මැතිවරණ රාජකාරි සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් 4000ක් යෙදවීමටද පොලිස් මූලස්ථානය තීරණය කර ඇති බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියකු ‘මව්බිම’ට පැවැසීය.

එසේම මැතිවරණය පැවැත්වෙන දින රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සියලු පොලිස් විශේෂ කාර්ය කඳවුරු සීරුවෙන් තැබීමටද පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ගිනි අවි සහිත පොලිස් නිලධාරීන් දෙදෙනකු යෙදවීමටද එම මූලස්ථානය තීරණය කර ඇත.

පොලිස්පති පූජිත්් ජයසුන්දර සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි එම්.ආර්. ලතීෆ් යන මහත්වරුන්ගේ ඍජු අධීක්ෂණය සහ උපදෙස් මත පොලිස් ආරක්ෂණ වැඩපිළිවෙළ සංවිධානය කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top